මහින්දට පාර්ලිමේන්තුවේ 113 හදාගන්න බැරිවුණේ මන්ත‍්‍රීවරුන්ගේ මිල ගණන් ඉහල යාමනිසා..- ජනාධිපති

මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ටෙන්ඩර් දමා මිල ගණන් කැඳවීම් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇතැම් මන්ත්‍රීවරුන් රුපියල් මිලියන 500 දක්වා ඉහළ මිල ගණන් ලංසු තැබූ බව තමන් පුද්ගලිකව දන්නා බව ද ඔහු සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය සදා ගැනීමට
නොහැකි වූයේ මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ යාම නිසා බවද ජනාධිපතිවරයා කියයි.

එසේ නොවී මහින්ද රාජපක්ෂ මහතා 113 සාදා ගත්තේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොඇදෙන බව ද ඔහු සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.



 -lankacnews