රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ජනපති නියෝජිතයින් නම් කරයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා පත් කිරීමට ඔහුගේ නියෝජිතයින් සිවුදෙනෙකුගේ නම් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එවා තිබේ.

ජාතික රූපවාහිනියට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන සාරංග විජේරත්න මහතා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නම්කර ඇත.
නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා ස්වාධීන රූපවාහිනියේ ජනාධිපති නියෝජිතයා ලෙසත්, ලක්බිම පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ සම්පත් දේශප්‍රිය මහතා ලේක්හවුස් ආතනයේ ජනාධිපති තියෝජිතයා ලෙසත් නම්කර තිබේ.

දේශප්‍රිය මහතාගේ නමකර ඇත්තේ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසය.