බන්ධනාගාර වලින් දුරකතන 115 ක් සොයා ගැනේ

බන්ධනාගාර 15 ක් ආශි‍්‍රතව  ගත වු මාස දෙක තුළ සිදුකළ වැටලීම් වලින් ජංගම දුරකතන 115 ක් සමඟ නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

බන්ධනාගාර තුළ සිටි බුද්ධි නිලධාරීන් මෙම වැටලීම් සිදුකර ඇති බවත්  අත්අඩංගුවට ගත් සෙසු භාණ්ඩ අතර    සිම් කාඞ් පත් 127 ක්,  ජංගම
දුරකතන බැටරි 57 ක්,  දුරකතන චාජර්  27 ක්,   හා කුඩා ප‍්‍රමාණයේ මත්ද්‍රව්‍ය පැකට් 116 ක් තිබු බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම නීති විරෝධී  භාණ්ඩ වැඩි වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ හා කළුතර බන්ධනාගාර වලින් එම ද එම නිලධාරියා කියා සිටියේය.

කළුතර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන ප‍්‍රමාණය 17 ක් සහ සිම්කාඩ් පත් 13 ක් අත්අඩංගුවට ගත් බවද  එම ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර තුළ සිදුවන මෙම නීති විරෝධී ජාවාරම් නැවැත්වීම සඳහා  බුද්ධි නිලධාරීන් දිනපතාම රාත්‍රී කාලයට මෙහෙයුම් සිදුකරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.