හිරු උදාවෙන්නත් කලින් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී නොඑන ගමන් ගිය සුපිරි රගර් ක්‍රීඩකයා - (video)

රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අනතුරින් මියගොස් ඇත්තේ CR&FC කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝකිල සම්මන්දපෙරුම නමැති රගර් ක්‍රීඩකයෙකු බවයි පොලිසිය පැවසුවේ.

24 හැවිරිදි කෝකිල සම්මන්දපෙරුම බත්තරමුල්ල - තලංගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු CR&FC කණ්ඩායම නියෝජනය කළ එමෙන්ම කලක් එහි නායකත්වය ද දැරූ ෂේන් සම්මන්දපෙරුමගේ බාලම සොහොයුරා වන අතර කෝකිල කණ්ඩායම තුල මෙන්ම සමස්ත රග්බි ප්‍රජාවේම හිත දිනා ගත් නිහතමානී ක්‍රීඩකයෙකු  ලෙසින් ප්‍රකට චරිතයක්.

කොළඹ නවම් මාවතේ පිහිටි අදාළ රාත්‍රී සමාජ ශාලාවේ විදුලි සෝපානය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලුයම 1.50 ට පමණ 9 වන මහළට ගමන් කරමින් තිබූ අදාළ සෝපානය, පළමු මහලේ සිට බිම් මහලට කඩාවැටී ඇති බවයි.

තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.


gossip lanka