සුවපති රාජිත නැවතත් වැඩ අරඹයි - (photos)

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍යවරයා ලෙස දෙවැනි වරටත් පත්වීම් ලද රාජිත සේනාරත්න මහතා, සිය පත්වීම ලැබූ වහාම සිය පළමු රාජකාරිය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිතය පිළිබදව කොළඹ ගෝල්ෆේස්
හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයකට අද (20) පෙරවරුවේ සහභාගී වී තිබේ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ජනවාරි 01 සිට රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා මුදල් වෙන් කර නොමැති බැවින් කඩිනම්න් මුදල් වෙන්කර ගත යුතු බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුව රැස්කර අයවැය ලේඛණයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඉදිරියේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දෙනු ඇතැයි ඔහු මෙහිදී විශ්වාසය පළ කළේය.

(ඡායාරූප : රාජිත සේනාරත්න මහතා ගේ නිල ෆේස්බුක් පිටුවෙනි)