ඇමති රාජිතට එරෙහිව පළවන වාර්තා අසත්‍යයි!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෘද රෝගී තත්ත්වයෙන් පසුවන බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඊයේ දිනයේදී අරලියගහ මන්දිරයේ පැවති කණ්ඩායම් රැස්වීමටද
සහභාගී වූ බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

අනතුරුව පැවති බෝධි පූජාවට ද සහභාගී වී ඇති අතර ඊට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මත්මිය ද සහභාගී වී තිබේ.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ඔහු ගෙන යන වැඩපිළිවෙළ අඩපණ කිරීම සඳහා දේශපාලන විරුධවාදීන් විසින් මෙලස ලැජ්ජාසහගත ලෙස හැසිරෙමින් සිටින බව එම මාධ්‍ය ඒකකය අවධාරණය කරයි.

පසුගිය කාලයේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ද අමාත්‍යවරයාගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් අසත්‍ය ප්‍රචාර සිදුකළ බවද ඔවුන් සිහිපත් කරයි.