කරුණා, කේපී, වියාලේන්ද්‍රන් අරන් එයාලා දේශප්‍රේමී...එහෙම නැතුවත් අපි දේශද්‍රෝහී - රංගේ බණ්ඩාර

කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේ.පී. වියාලේන්ද්‍රන් වැනි සියල්ලන්ම මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගෙන සිටියත් රට බෙදන කතාවක් නොකියා ඔවුන් දේශප්‍රේමීන් කියන බවත් තමන්ට එවන් කිසිදු සම්බන්ධයක් නොමැතිව තිබියදීත් තමන්ට දේශද්‍රෝහීන් සහ කොටින් යැයි චෝදනා කරමින් සමස්ත බොරුවක් රාජපක්ෂ කඳවුර විසින් රට පුරා ව්‍යාප්ත කරන බවත් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
පසුගිය යුගයේ "ඔරුමිත්ත නාඩු" යනුවෙන් පොතක් ලියා නීතීඥ මනෝහර ද සිල්වා බොරුවක් සමාජගත කළ බවත් එවන් ව්‍යවස්ථාවක් හෝ රට බෙදීමක් ඇත්තේ නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම, වසර විසි තුනක් පුරා තම පක්ෂයට රට බෙදන බව සහ කොටි බව කියමින් මඩ ගසන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. එවන් අසත්‍ය ප්‍රචාරවලට ප්‍රතිචාර නොදැක්වීම තමන්ගෙන් සිදුවුණු දුර්වලතාවක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මහනාහිමිවරුන් හමුවී කරුණු දක්වමිනි.