රනිල් මාවත් විනාශ කලා.. ඔහු රටට නොගැලපෙන කෙනෙක්.. 225ම අත්සන් කලත් අගමැතිකම දෙන්නෙ නෑ..- ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය

රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සතියක කාලයක් තුල සම්පූර්ණයෙන් අවසන් කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම අර්බුදය නිර්මාණය කලේ තමන් නොව රනිල් වික‍්‍රමසිංහ මහතා යයිද ජනාධිපතිවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති ශ‍්‍රීලනිප විශේෂ සමුළුව අමතමිනි.

වික‍්‍රමසිංහ මහතා රටට නොගැළපෙන දේශපාලනඥයෙක් බවත් කී ජනාධිපතිවරයා ඔහු විසින් තමාද විනාශ කල බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

2014 වසරේදී  තමන් පොදු අපේක්‍ෂක වීමට ගත් තීරණය මෙන්ම ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට ගත් තීන්දුව ද නිවැරදි බවත් ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කලද රනිල් වික‍්‍රමසිංහ මහතා යලි අගමැති නොකරන බවත ජනාධිපතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.