අගමැති රනිල්ගෙන් නව පක්ෂයක් !

සියලුම බලවේග ඒකරාශී කරගෙන 'ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' නමින් පුළුල් නව සන්ධානයක් පිහිටුවා ගන්නා බව එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවීමට අදාළ යෝජනාව සිකුරාදා (21දා) එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කොට ඊට අනුමැතිය
ලබා ගන්නා බවද ඒ මහතා කීය.

ඒ මහතා මෙසේ කියා සිටියේ ඊයේ (17දා) ගාලුමුව‍ෙදාර පිටියේ පැවැති එජාප රැලියට එක්වෙමිනි.

මෙම සන්ධානයට එක්සත් ජාතික පක්ෂය හා දැනට එක්සත් ජාතික පෙරමුණට එක්ව සිටින පක්ෂ හා සංවිධානවලට අමතරව තවත් පක්ෂ හා සංවිධාන රැසක් එකතු කරගන්නා බවද කියා සිටියේය. මෙම පුළුල් දේශපාලන සන්ධානයට කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ලැබුණු පසු එය ලියාපදිංචි කර ඊළඟ ජනාධිපතිවරණ, මහ මැතිවරණ හා පළාත් සභා මැතිවරණ ජයගෙන තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ අනුව තනි සන්ධානයක් ලෙස රට දියුණු කර විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම තම ඉලක්කය බවද ඒ මහතා එහිදී තවදුරටත් කියා සිටියේය.









gossip lanka