'දෙවියන්ගේ නාමයෙන් දැන් පලයව් - තමන්ගේ ඊළඟ අරමුණ ගැන රනිල් කතා කරයි

අපේ මිළග සටන තියෙන්නේ ජනතා වරම අනුව යලිත් ආණ්ඩුවක් හදා රට පාලනය කොට කිසිදු භියක් නොමැතිව පාර්ලිමෙන්තු මැතිවරණයට යාම බැව් හිටපු අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03)ගාල්ලේදි පැවසිය.

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරණු ලැබු යුක්තියේ ජනහඩ විරෝධතා රැළියට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේය.

දෙවියන්ගේ නාමයෙන් අධිකරණ තින්දුව අනුව මේ
අයට දැන් පලයව් පලයව් කියා කියනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි සදහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"අධිකරණයේ මේ අයට කියලා ති‍යෙන්නේ පලයව් කියලා දේවියන්ගේ කාමයෙන් යන්න කියලා මේ අයට කියනවා අධිකරණයෙන් කියලා තියෙන්නේ ආණ්ඩුවකට විරුද්ධව නොව පුද්ගලයින්ට විරුද්ධව දෙන තින්දුවක් කියලා මෙතන නිත්‍යානුකුලව අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් අදලා බලධාරියාට ප.ත් කරන්න පුළුවන්. මේ නිසා රටේ පාලනයට හානියක් නැහැ. පාර්ලිමෙන්තුව බහුතරක් තියෙන මන්ත්‍රිවරයා තමයි අගමැතිවරයා වන්නේ. අපි මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තියෙනවා එම දිවුරුම් ප්‍රකාශ ජනාධිපතිවරයාට දෙනවා.

2015 දි අපි කියන දේ විශ්වාසකරලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිකළා. අපට ආණ්ඩු බලය දුන්නා. මාව අගමැතිකළා අපට අවශ්‍යය ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමෙන්තුව ශක්තිමත්කන්න මම එකක් කියනවා අපි ජනතාවගේ වරම පාවලා දෙන්නෙ නැහැ. ව්‍යවස්ථා දුෂණය කරන්න දෙන්නෙ නැහැ. අයිතිය ප්‍රතික්ෂේ කරන්නේ නැහැ. අපේ සටන ජනතාව ගේ වරම අනුව යලිත් ආණ්ඩුවක් හදලා රටපානලනය කරලා පාර්ලමේන්තු මැතිවරනයකට යාමයි ඒසදහා අපි භය නැහැ. මැතිවරණයක් සදහා එජාප පෙරමුණේ අය පමණක් නෙවායි සන්ධානයට ජ.වි.පෙට ද්‍රවඩ සන්ධානයට ඡන්දය දුන්නු අය එකග විය යුතුයි. ඒ සියලුදේනාම තින්දු කරන්න අවශ්‍යයි . ඡන්දයකට යනවාද කියලා. යහපාලනයක් අපි ඇති කළා. අපට ආණ්ඩුව දෙන්න ඒ අනුව පක්ෂ සියල්ල කැදවලා ඒ අය එකග නම් ඡන්දය පවත්වන්න සුදානම් කියලා අපි කියනවා. ඒ සදහා එ.ජා.පෙරමුණ සන්ධානය ජ.විපේ ද්‍රවිඩ සන්ධානය එකග වෙන්න ඕන.. ජ.වි.පේ කියලා තියෙනවා 2019 ඡන්දය පවත්වන්න ඕන කියලා. ඒ අයට තියෙන්නේ ද්‍රඩිව සන්ධානයට කථා කරන්න. ඒ අනුව ද්‍රවිඩ සන්ධානයේ සහයෝගයත් අරගෙන ඡන්ද තියෙන දිනය තිරණ කරන්න කියලා තමයි අපි කියන්නේ."

"අපට වුවමනා අපට අවශ්‍ය ජනතාවගේ අයිතිය තිරණය .කරන්න. ඒ අය කිව්වොත් වෙලාසනින් ඡන්දයට එනවා කියලා අපට ප්‍රශ්නයක් නැහැ රුපවාහිණියෙන් කථා කරලා අධිකරණයට බලපැම් කරන එක නෙවෙයි කරන්න ඕන.දුවිඩ සන්ධානය සමග කථා කරලා එකගතාවයට එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ අපේ එකගතාව ලබා දෙන්නම් දැන් ඔක්කොම ඉවරයි .ගිය ගමන ඉවරයි නඩු තින්දුව දෙකක් දිලා තියෙනවා . රටේ අස්ථාවර භාවයක් ඇතිකරලා වැඩක් නැහැ.මේ රටේ සංචාරයින් නැහැ රුපියල කඩාවැටිලා. බඩුමිල වැඩිවෙනවා. නිල ඇදුම් නැහැ. පලයව් කියලා කියනවා ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කළ යුතුයි. ව්‍යවස්ථාව අනුව ඡන්දයක් තිබිය යුතුයි. එවිට විතරයි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නේ. පාර්ලිමෙන්තුවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයත් 19 වැනි සංශොධනයේ දි දුන්න පොරෙන්දුව තමයි ජයග්‍රහණය කළේ. අපි ජ්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කළ. ජනතාවට වටිනාකමක් දිලා තියෙනවා වි්‍යවස්ථාව අනුව ආණ්ඩුවක් ඇති කරන්න. පාර්ලිමෙන්තුව බහුතරයක් තියෙන මන්ත්‍රිවරයා තමයි අගමැතිවරයා පත්කරන්නේ 77 ඉදලා කළේ ඒ විදියට." යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

(ලලිත් චාමින්ද)