සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා  ජනවාරි මස පලවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින්  නියෝග කර තිබේ.

ගොඩකවෙලදී සිදුවූ පහරදීමක් හේතුවෙන් මන්ත්‍රීවරයා මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
පසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේ දී සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
gossip lanka