මහින්දට එරෙහි වුණොත් සංහිඳියාව ඉවරයි ! - එස්. බී.

මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ලබාදීමට එරෙහිව එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ගෙන යන වැඩපිළිවෙල රටේ සංහිඳියාවට සහ මිත්‍රශීලී සමාජයක් ගොඩනැඟීමේ කටයුත්තට බාධාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
මේ වැඩපිළිවෙල නිසා සිංහල බෞද්ධ ජනතාවගේ ආදරණීය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව සලකන සිංහල බෞද්ධ ජනතාව සහ භික්ෂුන් වහන්සේලා දෙමළ ජාතික සන්ධානය පිළිබඳ නරක චිත්‍රයක් මතු කරගැනීමට ඉඩ ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වුණාද නැද්ද යන්න තීරණය කරන්නේ තමන් බවත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැඳුනාද නැද්ද යන්න තීරණය කරන්නේ ජී. එල්. පීරිස් සහ බැසිල් රාජපක්ෂ බවත් එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.