ආර්ථික පෙරළියකට ආණ්ඩුව සූදානම් - සජිත්

ඉදිරි මාස 10දී ජනතාවට දැනෙන ආර්ථික වෙනසක් සිදු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. ඒ, කොලොන්නාවේ ඊයේ (23) පැවැති උත්සවයකට එක්වෙමිනි.

මෙම අවස්ථාවට කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා ද එක්ව සිටියේය.
මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීගමුවේ පැවැති උත්සවයකදී පැවසුයේ, ජනාධිපතිවරණයට පෙර ජනතාවට සියලූ සහන ලබා දෙන බවයි.

සහන අපේක්ෂා කරන්න එපා මහින්ද කියයි

මේ අතර විපක්ෂ නායකවරයකු වන මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකින් ජනතාවට කිසිඳු සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවැති උත්සවයතින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවුවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ, ඉදිරියේදී ජනතාවට සිතා ගත නොහැකි තරම් සහන ලබා දෙන බවයි.

''ඉදිරියේදී හිතා ගන්න බැරි සහන ලබා දෙනවා. සමෘද්ධිය වගේම දිළිඳු සහන ඒ අතර තිබෙනවා'' යයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.