බුදු පිළිම වැනසුවේ කවුරුන්ද..? ඇමති සජිත් ගේමට බසී

බුදු පිළිම විනාශ කිරීම පිළිබඳ විධිමත් විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.

ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මාවනැල්ල ,උඩුනුවර හා යටිනුවර ප්‍රදේශ කිහිපයක පසුගියදා යම් පිරිසක් විසින් බුදු පිළිම කඩා බිඳ දමා විනාශ කොට තිබූ අතර සැකකරුවන් කිහිපදෙනෙක්ද පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේ වෙතත් මෙම විමර්ශණය සිදුකිරිම සඳහා පුද්ගලයන් හයෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කොට ඇති අතර, ඔවුන්ගේ මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම බුදු පිළිම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඒවා නොවන බවයි.