ජනාධිපතිගේ මතයට විරුද්ධව UN හිදී ශ‍්‍රී ලංකාව ඡන්දය දෙති !

මරණ දඬුවම නැවැත්වීම සම්බන්ධයෙන් ගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්වූ ඡන්ද විමසීමකදී ශ්‍රී ලංකාව එම යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබා දී ඇත.

යෝජනාව ඉදිරිපත් කර තිබුනේ රටවල් 83ක සම අනුග‍්‍රාහකත්වයෙන් බ්‍රසීලය විසිනි.
ඡන්ද විමසීමේදී රටවල් 121ක් පක්‍ෂවත්, රටවල් 35ක් විපක්‍ෂවත් ඡුන්දය ලබා දී තිබූ අතර රටවල් 31ක් ඡන්දය දීමෙන් වැලකී සිට ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එම යෝජනාවට පක්‍ෂය ඡන්දය දී ඇත්තේ මරණ දණ්ඩනය නියම කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටියදී වීම විශේෂත්වයකි.