රාජ්‍ය ආයතන වල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පෞද්ගලික හෝටල්වල පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය ආයතන වල ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිතා නොකර අධික මිල ගණන් ගෙවා සුඛෝපබෝගී හෝටල්වල පැවැත්වීමෙන් සිදුවන අධික මුදල් නාස්තිය
වැළැක්වීම සඳහාත් රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙසත් එම චක්‍රලේඛය නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ (6) සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජ්‍ය ආයතනවල රැස්වීම් මින්පසු හෝටල්වල බෑ
2018-12-06T19:37:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|