ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පැන්නාට මන්ත්‍රීධුර අහෝසි වෙන්නේ නෑ - සුසිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක, වෙනත් සන්ධානයක සාමාජිකත්වය ගත් පමණින් ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

 මන්ත්‍රීධුර අහෝසි වනවා නම් එය කළ හැකි වන්නේ, පක්ෂ ව්‍යවස්ථාව
අනුව විනය මණ්ඩලයක් පත්කර, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර, එය එසේ කළ බවට මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ගෙන පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැන්වීමෙන් පමණක් බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.