ශ්‍රීලනිප මූලස්ථානයේ යතුරු පොලිසියේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි තාවකාලිකව වසාදමන ලද ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යතුරු මරදාන පොලීසියට භාරදී ඇතැයි වාර්තා වේ.

පසුගිය බදාදා උදෑසන මූලස්ථානය වසා දැමීමෙන් පසු එහි යතුරු භාර ගැනීමට පක්ෂයේ කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා කාර්යාලයේ සේවකයකු විසින් යතුරු මරදාන පොලීසියට භාරදුන් බව ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍යට පවසා තිබේ.

පක්ෂ මූලස්ථානය නැවත විවෘත කරන දිනය ජනාධිපතිතුමා මෙරටට පැමිණීමෙන් පසු තීන්දු කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.