'අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් නැහැ' - ජනපති TNA හමුවේ කියයි

අභියාචනාධිකරණය ඊයේ  (03) ලබා දුන් තීන්දුවත් සමග මේ වන විට අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් ඒ අනුව ඉදිරි පැය 24 තුලදී තමන් විසින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය (TNA)
නිකුත් කරනු ලැබූ ට්විටර් නිවේදනයේ දැක්වේ.


අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ(03) සවස සිදුව ඇත.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග ගැන ජාතික ආරක්ෂක කවුන්සිලය සහ වගකිවයුතු නිලධාරින් සමග සාකච්ජා කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටි බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.