TNA මන්ත්‍රීවරු තිදෙනෙක්‌ ඡන්දෙට පෙර ද්විත්ව පුරවැසිභාවය අත්හරිති

දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් තුන් දෙනකු මීළඟට මැතිවරණයක්‌ එළඹීමට පෙර එක්‌ පුරවැසිභාවයකින් ඉවත්වීමට තීරණය කොට තිබේ.

මේ තීරණයට අනුව ඔවුන් තුන්දෙනා ඉවත් වන්නේ ඔවුන්ට විදේශ රටවලින් ලැබී ඇති පුරවැසිභාවයෙන් යෑයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව පැවති නඩු තීන්දුවකින් අහෝසි වීමත් සමගම දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ නීතිඥවරුන් සමග කළ සාකච්ඡාවලින් පසුව මේ තීරණයට එළඹ ඇති බවත් සිය විදේශ පුරවැසිභාවය ලබන වසරේ මුල් මාස දෙක ඇතුළතදී ඉවත් කරගැනීම ඔවුන් විසින්ම සිදුකරගන්නා බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින