TNA මන්ත‍්‍රීවරු රැකගන්නට රටවල් හතරක් ද්විත්ව පුරවැසිබව හංගයි !

ද්විත්ව පුරවැසි බව ලබා සිටින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍රවරුන් තවදුරටත් රැකගැනීම සඳහා විදේශ රටවල් හතරක් ඊට අදාළ තොරතුරු හෙළි නොකිරීමට තීරණය කර ඇත.

 ස්විස්ටර්ලන්ත ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති මත ද්විත්ව පුරවැසි බව ලබාගත් අයවළුන් ගැන හෙළි කළ නොහැකි බවයි.
 කැනඩාව, බි‍්‍රතාන්‍යය, ස්විස්ටසර්ලන්තය සහ නෝර්වේ යන රටවලද ද්විත්ව පුරවැසි බව ලබාගත් ද්‍රවිඩ මන්තී‍්‍රවරු පිරිසක් වේ.

ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේෂ් පේ‍්‍රමචන්‍ද්‍රන්ගේ බිරිය ද ද්විත්ව පුරවැසියකු බව කැනඩා ආරංචි මාර්ග කියා සිටී.

මේ හැර තවත් හිටපු ද්‍රවිඩ දේශපාලනඥයකු ද බි‍්‍රතාන්‍යයේ ද්විත්ව පුරවැසි බව ලබා ඇත.

දිවයින