කැබිනට් ඇමතිවරුන් 32කට එජාපෙ සාකච්ඡා !

කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 32 දක්වා ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සාකච්ඡා පවත්වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා දරන ඇමති ධූරවලට අමතරව ඇමතිවරුන් 30 දෙනෙකු සිටිය යුතු බව ඔහු sundaytimes වෙත පවසා ඇත.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව ජාතික රජයක් නැවති පිහිටුවීමේ යෝජනාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ප‍්‍රතික්ෂේප කර තිබේ.

එජාපෙ සතුව ආසන 106ක් ඇති අතර, රජයට සහාය දැක්වීමට මන්තී‍්‍රවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත්ව සිටී.
gossip lanka