රනිල් සමග වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වනු.. එජාපය ජනාධිපතිට දන්වයි !

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර ඔහු සමගින් වැඩ කල නොහැකි නම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කල යුත්තේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ පුද්ගලික ආශාව උවමනාව මත අගමැතිවරයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කිසි ලෙසකින්වත් සූදානම් නැතැයිද ඒ මහතා කියා සිටී.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ කැමැත්තතට ඉඩ දුනහොත් එය අනාගතයට නරක පූර්වාදර්ශයක් වනු ඇති බවත් ස්වාධීන පුද්ගලයෙකුට වුවද අගමැති වීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින දේශපාලන අර්බුදය ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.