'ෆොන්සේකා..මෛත්‍රි..' මීළඟට කවුදැයි එජාපය ඇතුළෙන් හඬක්

එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීම පාක්ෂිකයින්ගේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා.

ඒ සඳහා පක්ෂ නායකත්වය ද කටයුතු කරනු ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ.
එහිදී "ෆොන්සේකා මහත්තයාට අපේක්ෂකකම දුන්නා නම්..සිරිසේන මහත්තයාට අපේක්ෂකකම දුන්නා නම්..පක්ෂයේ නියෝජ්‍ය නායකයාට ජනාධිපති අපේක්ෂකකම දෙන්න බැරි ඇයි. එතුමා දිනනවා කියලා අපිට පේනවා." යනුවෙන් ද සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මෙම අදහස් පළ කළේ හම්බන්තොට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.