අනිද්දා සිට එජාප ආණ්ඩුවක්.. යලිත් අගමැති රනිල්..

අනිද්දා වන විට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් බිහි කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස එම ආණ්ඩුවේ පත් වනු
ඇතැයිද ඔහු සදහන් කරයි.

ඉන් පසු හැකි ඉක්මනින් නව ව්‍යවස්තාවක් ගෙන එන බවත මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

යුක්තියේ ජනහඬ රථ පෙලපාලිය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.