ජනපතිගේ නියෝගයට නොව මගේ නියෝගයට වැඩ කරනු - ඇමති වජිර අමාත්‍යංශ ලේකම්ට දන්වයි !

ජනාධිපතිවරයාගේ නියෝග මත නොව තම නියෝග අනුව රාජකාරි කරන ලෙස තමන් තම අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වූ බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේදී පැවති එජාප පාක්‍ෂික හමුවක් අමතමිනි.

වජිර අබේවර්ධන මහතා දරමින් සිටින්නේ අභ්‍යන්තර, විදේශ කටයුතු හා පලාත් පාලන පලාත් සභා අමාත්‍ය ධුරයයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නව අමාත්‍යංශ සදහා ලේකම්වරැුන් පත් කරමින් පසුගියදා ප‍්‍රකාශ කරන ලද්දේ කිසිම පුද්ගලයෙකු දෙන වැරදි උපදෙස් මත ක‍්‍රියා නොනරන ලෙසත් වංචා දුෂණ සදහා කිසිදු අනුබලයක් නොදෙන ලෙසත්ය.