එක්සත් ජාතික පක්ෂට එරෙහිව ජනාධිපතිවරයාගේ බලය එක් පැත්තකිනුත් විපක්ෂය ලෙස තමන්ගේ බලය අනිත් පැත්තෙන් යෙදූ විට එජාපයට ඔවුන් සිතන ආකාරයට රටට එරෙහිව ක්‍රියාත්මක වීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු
මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂය සතුව ඇතත් රාජ්‍ය බලය ඇත්තේ ඔවුන් සතුව නොවන බව පසුගියදා ජනාධිපතිවරයා කළ කතාවෙන් පැහැදිලි වූ බවයි වාසුදේව මහතා අවධාරණය කළේ.
රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප නියෝජිතයින් ඉදිරියේ තබාගෙන ජනාධිපතිවරයා කළ කතාව ඉතාම තීරණාත්මක එකක් බව වාසුදේව මහතා පෙන්වා දුන්නේය.
එජාපයට ආණ්ඩුව විතරයි. රාජ්‍ය බලය අපේ අතේ - වාසු
2018-12-17T20:09:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|