මහින්දට විපක්ෂ නායක තනතුර නොදුන්නොත් කැරැල්ලක් ?

මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂ නායක ධුරය අහිමි කිරීමට යෙදුණහොත් මේ රටේ සමස්ත පාලන ක්‍රමය ගැන කිසිදු විශ්වාසයක් ඉතිරි නොවනු ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අනතුරු හඟවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් ආවේශ වූ ආකාරයෙන් දඟළන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

එසේම මහින්ද රාජපක්ෂ මහතා ලණුවක් කෑ බවට ඇතැමුන් පැවසුවත් මහින්ද මහතා ලණුවක් කෑවේ නම් ඊට රුකුල් නොදී ඔහුගේ ආණ්ඩුව බිඳ දැමීම සඳහා මෙතරම් දැවැන්ත මෙහෙයුමක් කළේ ඇයිදැයි වාසුදේව මහතා ප්‍රශ්න කළේය.

කෙසේවෙතත් සමස්ත පාලන ක්‍රමය කෙරෙහි විස්වාසය බිඳවැටුණු තැන සාමාන්‍යයෙන් මතුවන්නේ කැරැල්ලකි.