ආණ්ඩුව වැඩක් නෑ.. ප‍්‍රකාශයක් කර තීන්දුවක් ගන්නවා - රාධක‍්‍රිෂ්ණන්

ඇමති ධුරයක් නොලැබීම ගැන තමන් බලවත් කණගාටුවෙන් පසුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී රාධක‍්‍රිෂ්ණන් මහතා පවසයි.

ඇමති ධුරයක් ලබා දෙන බවට තමනට කලින් පොරොන්දු වූ නමුත් එය ඉටු නොවූ බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
වර්තමාන ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන තමන් තුල ඇත්තේ දැඩි කලකිරීමක් බවත් පවසන ඔහු ඉදිරියේදී මේ ගැන ප‍්‍රකාශයක් කර තීරණයක් ගන්නා බවද රාධක‍්‍රිෂ්ණන් මහතා වැඩි දුරටත් කියා සිටී.