මං ආණ්ඩුවට ගියේ ඇමතිකමක් බලාගෙනයි - විජිතමුණි

තමන් ආණ්ඩුවට එක්වූයේ ඇමති ධුරයක් බලාපොරොත්තුවෙන් බවත් එම බලාපොරොත්තු තවමත් නැති වී නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

තමන් ආණ්ඩුවට එක්වූයේ ආණ්ඩුවට සහාය දීමට බවත් ඇමති ධුර තිබුනත් නැතත් ප‍්‍රශ්ණයක් නැතැයිද ඔහු සදහන් කරයි.


මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මුදල් ඇමති මංගල සමරවීර මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.