මහින්ද අභියාචනාධිකරණ තීරණයට එරෙහිව යයි !

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එයට එරෙහිව අද දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත
අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී කටයුතු කරමින් සිටින්න බව ඔහු විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවඅර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාල අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම්, මහමැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙල වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙස ද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

මව්බිමට ඇති ආදරය ද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමි දේශපාලනයට ඇති අවංකභාවය ද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව ඔබ ඔබගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. ''