1948න් පසු ගාළු මුවදොරට වැඩිම සෙනග ආවේ ගිය මාසේ පැවති එජාප රැළියටයි - ඇමැති අකිල

1948 වසරෙන් පසුව ගාළු මුවදොර පිටියට වැඩිම සෙනඟ ආවේ පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා රැළියට බව එම පක්ෂ මහ ලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පැය 48ක් ඇතුලත දුන් පණිවඩුයකින් පිටිය පුරවන්නට පැමිණි සියලු දෙනාට ස්තූතිය පළ කරන බවත් ඔහු සඳහන් කළේය.


මහින්ද රාජපක්ෂ මහතාට ගාලුමෝදර පිටිය මැද වේදිකාවක් තනා රැුස්වීමක් පැවැත්වුවත් එජාපය එසේ නොකප බවද ඔහු පැවසීය.

සදුදා දවසක සෙනග ගෙන ඒමට අමාරු යයි පක්‍ෂයේම අය කියද්දී ගාළු මුවදොර පිරෙන්නට ජනතාව පැමිණි බවත් ඔහු සඳහන් කළේය.

ගල්ගමුව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.