gossip lanka

ජනපති සොයුරු බිලියනයක් වැයකර ටෙලිකොම් සේවකයින් 450ක් ගෙදර යවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අතිරික්ත සේවක ගැටළුව විසඳීම සඳහා රුපියල් බිලියනයක් වැයකර සේවකයින් 450ක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති, ජනාධිපති සොයුරු කුමාරසිංහ සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති බව එම කමිටු වාර්තාවේ දැක්වේ.

එසේම කෝප් කමිටු වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අතිරික්ත සේවකයින් සංඛ්‍යාව 1,500ක් පමණ වන බවයි.

ඒ අනුව එම සමාගම උපයන ආදායමින් 45%ක් පමණ ම සේවකයින්ගේ නඩත්තුව සඳහා වැයකරන බව කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය කර තිබේ.
gossip lanka