gossip lanka

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වීඩියෝව ලක්ෂයට අධික මුදලකට විකුණලා..! වීඩියෝව එළියට ආපු හැටි හෙළිවෙයි

සුගිය දින කිහිපය තුළ රටේම අවධානයට ලක්වුනු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ වීඩියෝව බාහිර පාර්ශ්වයකට ලබාදුන්නේ කවුද යන්න  බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සි. සී. ටී. වී. නැරඹුම් අංශයේ රාජකාරී කළ බන්ධනාගාර නියාමකයෙකු විසින් අදාළ දර්ශන  රුපියල් ලක්‍ෂයකට අධික මුදලකට බාහිර පාර්ශවයක් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.‍

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර පසුගිය නොවැම්බර් මස 22 වැනිදා ගැටුමක් හටගෙන තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබුණා. ඒ අනුව අදාළ කමිටුවේ වාර්තාව හෙට (21) දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මගින් අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල වෙත භාරදීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
gossip lanka