gossip lanka

ගෝඨාට එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ.. ඉදිරිපත් වුණත් පහසුවෙන්ම ඔහුව පරදවනවා - අජිත් පෙරේරා

ඉදිරි ජනාධිපතිවරණය සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට හැකියාවක් නැති බව ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙරට ජනාධිපති අපේක්ෂකයා වීමට කලින් ඔහු අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් විය යුතු බවත් ඒ මහතා කියා සිටී.

අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පහසුවෙන්ම පරාජය කිරීමට එජාප අපේක්‍ෂකයාට හැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බණ්ඩාරගමදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
gossip lanka