වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ජර්මනියේ හදනවා, නැවෙන් ගෙනත් සෙට් කරනවා - ඇමති අකිල

කුලියාපිටියේ පිහිටුවීමට නියමිත වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කර්මාන්ත ශාලාව සකස් කරන්නේ ශ්‍රී ලංකාවේදී නොව ජර්මනියේදී බවත් එසේ සකස් කරන කොටස් නැව් කිහිපයකින් ශ්‍රී ලංකාවට ගෙනවිත් කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"දැන් ට්‍රේනිං සෙන්ටර් එක හදලා ඉවරයි. ජර්මනියේ ෆැක්ටරි එක හදලා ඉවරයි. මෙහෙ නෙවෙයි හදන්නෙ, නැවෙන් ගෙනාවා පට පට ගාලා සෙට් කරා. එච්චරයි කරන්න තියෙන්නෙ. දැන් අහනවා කෝ ෆැක්ටරිය කියලා. ෆැක්ටරිය හදාගෙන යනවා, ඉවර වේගෙන එන්නේ. නැව් දෙකක් විතර ඇවිල්ලා ඒ ෆැක්ටරිය ගෙනල්ලා මෙහෙ ඔක්කොම සෙට් කරලා, ඊට පස්සෙ වාහන හදනවා" යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවන් සංවර්ධන කටයුතු ප්‍රමාද වූයේ පසුගිය ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සිදුවූ බාධා කිරීම් නිසා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ ප්‍රශ්නය පසුගිය දේශපාලන සටනින් පසුව අවසන් වූ බවයි අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (13) නිකවැරටිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
gossip lanka