ඥානසාර හිමිට 'සමාවක් දීමට' සර්ව ආගමික නායකයින් එකඟයි - දුමින්ද කියයි

සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක්‌ ලබාදීමට තමන්ගේ විරුද්ධත්වයක්‌ නොමැති බව සියලුම ආගමික නායකයන්ගේ මතය වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
එහෙයින් උන්වහන්සේට ජනාධිපති සමාවක්‌ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්‌ කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

'' මම ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කළේ සිංහල බෞද්ධයෙකු ලෙසයි. මම මේ පිළිබඳව මහා සංඝරත්නය සමගත් දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් සමගත් සාකච්ඡා කළා. එහිදී සියලුම ආගමික නායකයන්ගේ මතය වූයේ ඥානසාර හිමියන් නිදහස්‌ කරනවාට තමන්ගේ විරුද්ධත්වයක්‌ නොමැති බවයි යෑයිද හෙතෙම පැවසීය.

''මම ඥානසාර හිමියන්ව බන්ධනාගාරයට ගොස්‌ හමුවුණා. එහිදී නායක හාමුදුරුවන් පැහැදිලිව මට ප්‍රකාශ කළා. දෙමළ හෝ මුස්‌ලිම් ජනතාව සමග කිසිම තරහක්‌ හෝ වෛරයක්‌ තමන්ට නොමැති බවත් භික්‌ෂූන් වහන්සේ නමක්‌ ලෙස බෞද්ධ ජනතාවට බලපාන පොදු ගැටලුවලදී සාකච්ඡාවෙන් හා පොදු එක`ගත්වයෙන් විසඳුම් ලබා ගැනීමට තමන් සූදානමින් සිටින බවත් උන්වහන්සේ අවධාරණය කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.
gossip lanka