අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇප මත නිදහස් කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ, රුපියල් මිලියනය බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියන 2ක බැගින් වූ ශරීර ඇප හතරක් මත සැකකරුවන් මුදා හැරීමටය.

ඔවුන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළාය.

සතියේ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා ය.

මීට අමතරව ඇපකරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවට වන කොන්දේසියක් ද පනවා තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.