ගවයකුගේ පණ බේරන්න ගොස් කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙක් මිය යයි - (photos)

මුලතිව් පුලයන්කුලම් ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදී ඊයේ (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාණ්ඩෝ සෙබලුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලතිව් දිස්ත්‍රීක්කයට පැමීණීම හේතුවෙන් යුද හමුදාපතිද පැමිණි අතර එම අවස්ථාවට පැමිණි යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් මුලතිව් සිට වවුනියාව දෙසට ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

එහිදී යුද හමුදා ජිප් රථය ගමන් කරන අවස්ථාවේදී මාර්ගය හරහා ගවයෙක් පැන ඇති අතර එහිදී ගවයා බේරීමට යාමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ජිප්රථය මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ තල් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද කමාණ්ඩෝ සෙබලුන් වහාම මුලතිව් මහරෝහලට ඇතුලත් කල අතර එහිදී යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු මිය ඇති අතරම තවත් බරපතල තත්වයේ සිටි සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්ියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.

අනතුරින් කමාණ්ඩෝ මේජර් වරයෙකු හා කෝප්‍රල් වරයෙකු මිය ගොස් ඇති බවටද පරික්ෂණ සිදු කරන නෙඩුන්කේනි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ