මටත් ආණ්ඩුකාරකමක් ලැබෙනවා - අසාද් සාලි කියයි

තමනට ආණ්ඩුකාර ධුරයක් ලැබෙනු ඇති බව ජාතික සමගි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

පලාත් ආණ්ඩුකාරවරුන් සදහා වූ නව පත් කිරීම් අද හෝ හෙට දිනයේදී සිදු කරනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
සියළු පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා දන්වා තිබින.

හිටපු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට සිය ධුරයන් අහිමි වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.