මත්තල ගුවන් තොටුපල අපට බරක්.. ඉන්දීය ව්‍යාපාරිකයෙකු සමග සාකච්චා කරනවා - ඇමති අශෝක් අබේසිංහ

මත්තල ගුවන් තොටුපල රජයට බරක් බවත් එය තව දුරටත් පවත්වාගෙන යාමට රජයට හැකියාවක් නැති බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.

මේ හේතුවෙන් ඉන්දීය සමාගමක් සමගින් හවුල් ව්‍යාපාරයක් සදහා සාකච්චා පැවැත්වෙන බවද ඒ මහතා සදහන් කරයි.
ගුවන් තොටුපල වෙනුවෙන් ඩොලර් මිලියන 225ක පමණ මුදලක් අයෝජනය කිරීමටද සමාගම එකග වී ඇති බවත් ඔහු පැවසීය.

මත්තල ගුවන් තොටුවල ඉදිකිරීම සදහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 270කි.