gossip lanka

'ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට කිසිදු සහයක් නෑ' - රතන හිමි

මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

"ගෝඨාභය" ජනාධිපතිවරණය සඳහා තරග කරනු ලැබුවහොත් ඔහුගේ ප්‍රතිපත්ති දැක්ම පිළිබඳ අධ්‍යයනය කොට ඊට අනුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවද උන්වහන්සේ පැවැසූහ.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු අයුරකින්වත් මින් ඉදිරියට කිසිදු සහායක් ලබානොදෙන බව ස්ථිර යැයිද රතන හිමියෝ කියා සිටියහ.

එජාප ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවී වෙනත් අයකු ඉදිරිපත් වුවහොත් ඒ පවතින තත්ත්වයන් හා අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ආදිය පිළිබඳ සලකා බලා තීරණ ගන්නා බවද උන්වහන්සේ තවදුරටත් පැවැසූහ.

මව්බිම
gossip lanka