මහානාහිමිවරුන්ගේ ඉල්ලීමට හිස නමා ඥාණසාර හිමියන්ට නිදහස ලබා දෙන්න – රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලයි

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.
ඥාණසාර හිමියන් රටේ හා ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ භික්ෂූන්වහන්සේ නමක් බවත්, උන්වහන්සේ සිරගත කිරීම පිළිදබව සමාජයේ කම්පාවක් පවතින බවත් සදහන් කළ එහිිමියෝ, මහා නාහිමිවරුන්ගේ සහ සියලු ආගමික පාර්ශවවල ඉල්ලීමට කන් දෙමින් ඤාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

උන්වහන්සේ මෙම අදහස් පලකළේ රාජගිරියේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka