gossip lanka

'රාජපක්‍ෂවරයෙක් ජනාධිපති කරන බවක් මා කීවේ නෑ..' - ගෝඨාගේ ප‍්‍රකාශයට බැසිල්ගෙන් ප‍්‍රතිචාර

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රජපක්‍ෂවරයෙක් ජනාධිපති කරවන බවත් තමන් ප‍්‍රකාශ නොකල බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
තමන් කියා සිටියේ එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙකු ජයග‍්‍රහණය කරන බව යයිද ඔහු කියා සිටී.

තම පාර්ශවයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුදැයි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තීරණය කරනු ඇති බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරණයට සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

මීලගට පැවැත්වීමට නියමිතව ඇත්තේ පලාත් සභා මැතිවරණයක් බවත් එය තවත් ප‍්‍රමාද නොකර පැවැත්විය යුතුව ඇති බවත් ඒ මහතා සදහන් කලේය.
gossip lanka