මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය !

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට දැඩි විරෝධය පලකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ මරණ දඩුවම දුන් පමණින් මත්ද්‍රව්‍ය ජාවාරම අඩු නොවන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පමණක් වැරදිකරුවකු කිරීම අසාධාරන බවත් ඊට ආණ්ඩු, ආයතන සහ බොහෝ පාර්ශව වගකිය යුතු බවද ඔහු කියා සිටී.