gossip lanka

මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාට මං විරුද්දයි.. ඔහු ව්‍යවස්ථාව කැඩු බව අධිකරණය තීන්දු කලා

kumara welgama news
දිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායකයාද වන වෙල්ගම මහතා මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද රට විනාශයට යමින් ඇති බවත් මෙම විනාශයට වගකිව යුතු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව විසින් බවද ඔහු පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන් හත් දෙනෙකු විසින් වත්මන් ජනාධිපතිවරයාගේ තීන්දුවක් ප‍්‍රතික්‍ෂප කර ඇති බවත් එවන් අයෙකුට ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබා දෙනවාට තමන් විරුද්ද බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
gossip lanka