අපේ ආණ්ඩුව ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලා… අද ලෝකයේ ක්‍රිකට්වල අපි විහිළුකාරයෝ වෙලා

ක්‍රිකට්  විනාශ වුයේ තම රජය සමයේ බවත් වර්තමානය වන විට ශ්‍රීලංකා ක්‍රිකට් ජාත්‍යන්තරය හමුවේ විහිලුවකට ලක්වී ඇතැයි  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.හෙතෙම මේ බව ප්‍රකාශ කලේ මාතර වල්ගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැවති උත්සවය අමතමිනි.

මාතර සාන්ත තොමසුවෙන් බිහිවූ දක්ෂතම ක්‍රීඩකයෙකු වූ ගිහාන් ලංකාතිලක මහතා ක්‍රීඩකයකු ලෙස සිටි අවධියේ හදිසි අනතුරකින් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා ගොස් උපයාගත් මුදලින් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින්ගේ  ක්‍රීඩා කෞශල්‍යය වැඩි දියුණු  කිරීම සඳහා මෙම ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිකිරීමට පියවර ගැනිණි.තම පෞද්ගලික වියදමින් ඉඳිකළ ගෘහස්ථ ක්‍රීඩාංගනය විවුර්ථ කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සහ හෂාන් තිලකරත්න මහතාට ඇරයුම් කර තිබිණි.

එම අවස්ථාව සඳහා රුවන් කල්පගේ,දකුණු පළාත් හිටපු ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,

ක්‍රිකට් වලට අවශ්‍ය දෙයක් කරන්න ඕන පෞද්ගලික ආයතන හෝ පුද්ගලයින් නෙමේ.ඒවා වෙන්න ඕන රටේ ආණ්ඩුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන්.හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලයට ගමට ක්‍රිකට් ගෙනියන්න වැඩපිළිවෙලක්  තියෙනවද කියලා ඉතාම කනස්සල්ලෙන් බලාගෙන හිටියා.මට වාසනාව ලැබුනා අවුරුදු 18 වගේ කාලයකදී ජාතික කණ්ඩායමට එන්න.මම දැකපු දෙයක් තමයි ක්‍රීඩකයින්ට මොනතරම් දස්කම්  තිබුනත්  එක පැත්තකින් අපේ මානසිකත්වය,අනෙක් පැත්තෙන් අපට ලැබෙන පහසුකම නිසියාකාරව ලැබෙන්නේ නැහැ කියලා.

මට මතකයි ඉස්සෙල්ලා අපි ක්‍රීඩා කරනකොට උදේ පාන්දර 6 විතර යනවා ශාරීරික ක්‍රියාකාරකම්වලට.ගිහිල්ල 8.30 පමණ වනතුරු කරලා ඉක්මනට ගෙදර ගිහිල්ලා රැකියාවට යනවා. අරවින්ද,දුලිප්,රෝයි,මේ හැමෝම එහෙමයි වැඩ කටයුතු කලේ..ඊළඟට 1.30-2.00 වෙනකොට ඔෆිස් එකේ ඉඳලා ඇවිත් කෑම ටිකක් කාලා ක්‍රීඩාංගනයට ගිහින් පුහුණුවීම් කරනවා.ඊට පස්සේ  සවස 6.30-7.00 වෙනකොට කළුවර වැටෙනවා.ඊට පස්සේ අපිට නැවත ආයතනය වෙත ගිහින් වැඩ කරන්න සිද්ද වෙනවා.අපි පුර්ණකාලීන වෘතියමය ක්‍රීඩකයින් නෙමෙයි.හැබැයි හුඟාක් දේවල් අපි එකෙන් ඉගන ගත්තා.හුගක් අමාරුකම් තිබුනා.අමාරුකම් තිබුනට මම දැකපු දෙයක් තමයි මේ ගමේ ක්‍රීඩකයින්ට තියෙන දස්කම්.කොළඹ එක පැලන්තියකට  පමණක් සීමා වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව මම තරුණ ක්‍රීඩකයෙක් විදියට දැක්කා ගාල්ල,මාතර නුවර විතරක් නෙමෙයි ඉන් ඔබ්බට ගිහිල්ලා ඒ ගම්වල ඉන්න ක්‍රීඩකයින් මොනතරම් සුළු අවස්ථාවක්ද ලැබුනේ කියලා.එක පැත්තකින් මුල්‍යමය ප්‍රශ්න තියෙනවා.අනෙක් පැත්තෙන් රැකියාව ගැන හිතන්න ඕන,ඉදිරි අනාගතය ගැන හිතන්න ඕන.මම දැකපු බොහෝ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායම් වලට එන්න පුළුවන් ක්‍රීඩකයෝ රැකියා අවස්තාවක් ලබාගත්තට පස්සේ ක්‍රිකට් වලින් ඉවත්වෙලා තියෙනවා.මම 2008 ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවුනා.අතුරු පාලක මණ්ඩලයේ සභාපති හැටියට.මගේ මුලික දේ වුනේ අපිට ජිම් එකක් හදාගන්න.අපි කෙත්තාරාම ක්‍රීඩාංගනයේ මම ගිහින් බලනකොට 1996 ලෝක කුසලානය දිනාගත්තට පස්සේ ක්‍රිකට් බෝඩ් එකේ තිබුණු ජිම් එක පමණයි අපට තිබුනේ.හැබැයි අපි මුදල් යොදවලා ඉතාමත් පරිපුර්ණ ජිම් එකක් හදාගන්න අපට පුළුවන් වුනා. අපේ දෙවන අරමුණ තිබුනේ පිහිනුම් තටාකයක්.අද වෙනකොට ඒ දේවල් සිද්දවෙලා නැහැ.මම ක්‍රිකට් ගැන කතා කරනවට වඩා අද ක්‍රිකට් පත්වෙලා තියෙන තත්වය එක්ක අපිට බලන්න ඕන ඉදිරියට අපේ තත්වය මොකක්ද කියලා.2020 ලෝක කුසලනයකට යනවානම් අපි සුදුසුකම් ලබන්න ඕන.ඒ තරඟාවලියට යන්න සුදුසුකම් ලබන්න තත්වයකට අපේ ක්‍රිකට් පත්වෙලා තියෙනවා.හැබැයි හම්බකරන මිනිස්සු හම්බ කරගෙන තියෙනවා ක්‍රීඩකයෝ අසරණවෙලා තියෙනවා.

මම මේ දේශපාලනය කතා කරනවට වඩා මමත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් මේ ආණ්ඩුව ගෙන්න විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්.ආණ්ඩුව තියාගන්නත් විශාල කාර්යභාරයක් කරන කෙනෙක්.හැබැයි මම ඉතාමත්ම ඕනෑකමින් කියනවා මේ අපේ කාලයේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වුනේ කියලා..

එකට ප්‍රධාන හේතුව අනවශ්‍ය පුද්ගලයන්ට ක්‍රිකට් ක්‍රීඩාව භාර දුන්නු එක.අද ලෝකයේ ක්‍රිකට්වල අපි විහිළුකාරයෝ බවට පත්වෙලා තියෙනවා.අපි අවුරුදු ගානක් ක්‍රිකට් ගැහුවට අදවන විට තරඟ පාවාදීමේ කාර්යාලයක් පවා මේ රටට ඇවිත් තියෙනවා.එකෙන් මොකක්ද අපි ලෝකෙට පෙන්වන්නේ?…අපේ පරිපාලනයත් එක්ක හොරකම,දුෂණය,වංචාව කියන එක ක්‍රිකට් ක්‍රීඩාවටත් ගිහින් තියෙනවා කියලා අපි සිහිකරලා තියෙනවා.මේ වගකීම අපි හැමදෙනම භාරගන්න ඕන.මේ රටේ ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා හිටපු ක්‍රීඩා ඇමතිවරු ගැන මම කතා කරන්නේ නැහැ. මොකද ඒ අය ගැන කතා කරන එක කාලවේලාව නාස්ති කිරීමක්.අද ඉන්න ක්‍රීඩා ඇමතිවරයාත් දැනට මේ වෙච්ඡ දේ හදන්න ඉතාමත් ඕනෑකමින් ඉතිරි වැඩකොටස කරන්න ඕන.අපට ක්‍රිකට් වලින් ලබාගන්න දෙයක් තිබුනේ නැහැ.අපිට ක්‍රිකට් තරගයකට සහභාගී වෙනකොට ඒ කලේ අපිට ගෙව්වේ රුපියල් දෙසීය පනහයි.මටනම් ඒක ලොකු ගානක ඒකාලේ අම්ම ඉස්කෝලේ යනකොට රුපියල් දෙකක් දෙන කාලේ.

හැබැයි ටෙස්ට් තරඟයේ දින පහ ක්‍රීඩා නොකර දින හතරෙන් අවසන් වුනොත් අපිට ගෙවන්නේ රුපියල් දාහයි.ඒ දෙසීය පනහ කපනවා.අපි තරංග දිනනකොට අපිට පොඩි සන්තෝසමක් දෙනවා.මම යනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඩොලර් සීයක් වැඩිකරගන්න.මාසයක් කට්ට කන්න ඕන ක්‍රිකට් පරිපාලනයට කතා කරලා ඩොලර් සීයක් වැඩිකරගන්න.ඒකාලේ තිබුනේ තරංග දිනනකොට තරඟයේ වීරයා නැත්නම් තරඟාවලියේ වීරයාට තමයි මුදල් ටික දෙන්නේ.අපි එක වෙනස් කළා අපි හැමදෙනා අතරේ එක බෙදාගත්තා. මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එක කණ්ඩායමක් නෙමෙයි.ඒක පවුලක් බවට පත්වෙන්න ඕන.මම නායකයෙක් හැටියට වාසනාවන්තයි ,අගේ තියෙන දස්කම් වලට වඩා.එක මට වාසනාවට හම්බ වුනේ.මට හිටියා ක්‍රීඩකයෝ 14 දෙනෙක් ක්‍රීඩාව ගැන රට ගැන හිතන මුදල් ගැන නොහිතන ක්‍රීඩකයෝ කණ්ඩායමක් මාත් එක්ක ක්‍රීඩා කරන්න පටන් ගත්තා.අන්න එතනින් තමයි අපිට ලෝක කුසලානයක් දිනාගන්න හැකි වුනේ.අපි අවසන් තරඟයට ආපුවෙලේ ක්‍රීඩාකරන කොට මම දැනගත්තා තරඟාවලිය දිනන්න පුළුවන් කියලා.අවසන් තරඟයට දවස් කිහිපයකට ඉස්සෙල්ලා අපේ හිටපු ක්‍රීඩා ඇමති කෙනෙක් අපිට එවනවා ෆැක්ස් එකක්.ඒ ෆැක්ස් එකේ තියෙන්නේ ලකුණකට මෙච්චරක් ගෙවනවා කඩුල්ලකට මච්චරක් ගෙවනවා.චැම්පියන් ෂිප් එක දිනුවොත් මෙඡාරක් ගෙවනවා කියලා.මගේ ජීවිතේ දැකපු අවාසනාවන්ත කනගාටුදායකම ලිපිය ඒක.අපි මේක ඉරල දාලා තරඟයට ක්‍රීඩා කරන්න ගියා.මෙන්න මේ වගේ සංස්කෘතියක් ක්‍රිකට්වල තිබුනේ.අපිට තිබුනේ තරඟ ජයග්‍රහණය කරන්න.අපි දැනගත්ත රටට ගෞරවයක් ගෙන්න පුළුවන් අපි තරඟ ජයග්‍රහණය කලොත් කියලා.අපි පිටරටවල් වලට යනකොට අපට සලකපු විදිය සමහර අවස්තාව වලදී අනෙක් කණ්ඩායම් ඉන්නවා තරු පහේ හෝටල්වල අපිව දානවා තරු තුනේ හෝටල් වලට.තරඟ ඉවර කරලා එනකොට පාන්දර එකයි,උදේ හතර පහ වෙනකොට නැගිටලා අපි යන්න ඕන උදේ ප්ලේන් එක අල්ලගන්න.ඒ අය එනවා දවල්වෙලා.ඒවගේ අමාරු කාලයක අපි ක්‍රිකට් ක්‍රීඩා කලේ.ඒ අමාරුවෙන් ලබාගත්ත ජයග්‍රහණවල ප්‍රතිපල අපිට ලබාගන්න හැකිවුනා.

අද මාතරට ඉතාමත් වැදගත් දවසක්.මම දැක්කා දකුණු කොතරම් දක්ෂ ක්‍රීඩකයෝ බිහිවුනාද කියලා.ඊටත් වඩා දක්ෂ ක්‍රීඩකයෝ නැති වුනා මේ ප්‍රදේශයේ.දක්ෂ ක්‍රීඩකයින්ට මුල්‍යමය ප්‍රශ්න ඇතිවෙන්න ගත්තා.ඒවගේම පහසුකම් නැතිවුනා.එක කාලයක් තිබුනා මෙවැනි තාක්ෂණයක් බලනවා නම් කොළඹටම යන්න ඕන.මම හිතනවා ක්‍රිකට් ඉන්ට්‍රෝ බෝඩ් එකේවත් එහෙම තත්වයක් නැහැ.ක්‍රිකට් බෝඩ් එකේ තත්වේ ගැන තමුන්නාන්සේලා හිතන්න ඕන.මේ රටේ හැමෝම හිතන්න ඕන.නායකයොත් හිතන්න ඕන.මේ ක්‍රිකට් වලට හම්බවෙන සල්ලිවලට මොකක්ද වෙන්නේ කියලා හිතන්න ඕන.ඉන්ටෝනෙට් එකක් හදාගන්න බැරි ක්‍රිකට් පරිපාලනයක් අපට තියෙන්නේ.එක පැත්තකින් ගමේ තියෙන දක්ෂතාවය ආරක්ෂකරන්න පුළුවන් ක්‍රමවේදයක් පෞගලික මට්ටමෙන් ගමට ගිහින් තියෙනවා.මම හිතන්නේ මාතර ප්‍රදේශයේ අයට වාසනාවක්.අද ක්‍රිකට් ක්‍රීඩාවේ මම එකඟ වෙන්නේ නැති දෙයක් තමයි තාක්ෂනය ගැන,තාක්ෂණයට වැඩ දක්ෂ ක්‍රීඩකයෝ අපි හොයාගත්තොත් ඒ දක්ෂ ක්‍රීඩකයා දියුණු කරලා ඒ දක්ෂ ක්‍රීඩකයාගේ තියෙන පුංචි අඩුපාඩු වෙනස්කරන්න පුළුවන්කම තමයි අධිතාක්ෂණ මගින් කරන්නේ. ඒකට කොළඹත් නැති පහසුකමක් මාතරට ඇවිත් තියෙන්නේ.ඒ වෙනුවෙන් ගිහාන්ට මම ස්තුතිවන්ත වෙනවා.මේ ගමේ දරුවෙකුට හම්බවෙන්නේ නැති දෙයක්.ගමේ තියා කොළඹ දරුවෙකුට හම්බවෙන්නේ නැති දෙයක්.මමත් ලෙවල් 4 පාස් වෙච්ච පුහුණු කරුවෙක්.සමහර අපිට ඇහැට පේනදේ බැලුවට තාක්ෂනය හරහා බැලුවම ඊට වඩා පේනවා.මම ලෝක කුසලානය දිනාගත්තට පස්සේ දිනහතරේ ක්‍රිකට් තරඟාවලියකදී තරඟ තුනක්ම මම 10 අඩුයි.ඉනිම් හයක්ම මම ලකුණු 6 අඩුවෙන් දැවී ගියා.මම ලයනල් මෙන්ඩිස් ගුරුතුමා ලඟට ගියා.මට හැබැයි නීතියක් දැම්මා.සුදු ඇඳගෙන එන්න ඕන කියලා.එයාගේ නීති එක්ක මම ගියා පුහුණුවීම් වලට.මම පන්දු පහක් හයක් ගහනකොට එතුමා මාව නැවැත්තුවා.නවත්තල ඇහුවා අර්ජුන ඔබ බොලේ දිහා බලනවද කියලා.මම මේ සීරියස්ලි අහන්නේ බොලේ බට එකේ වදිනකම් බොලේ දිහා බලනවද කියලා ඇහුවා.මම කිව්වා සර් මට නැවත ඕවරක් දෙන්න මට එතකොට නෝටිස් වෙනවා කියලා.ඊළඟ බෝල දෙක ගහනකොට මට හිතුනා ඉතාමත් අවශ්‍ය නැති තාක්ෂණයක් මම නොකරනවා කියලා.හැබැයි ලෝක කුසලානය දිනලා ශතක ගහලා මේ චුටි තාක්ෂනය මගේ මුල් ගුරුවරයාගෙන් දැකපු දෙයක් මේ වෙච්චි.පස්සේ ඊළඟ ඉනිමේ මම ලකුණු 198 ගැහුවා.මම මේ කියන්නේ තාක්ෂණයට වඩා ක්‍රීඩකයින්ගේ සහ පුහුණු කරුවන්ගේ ඇස වලින් බලන්න පුලුවන්ද කියලා.එතනින් ඔබ්බට තමයි මේ අධි තාක්ෂනයට අපි යන්න ඕන.එක පිටරටවල්වල තියෙනවා.මේවගෙන් අපි ලාභ ප්‍රයෝජන ගන්න ඕන මේ ප්‍රදේශයේ ඉන්න දරුවෝ ටික.ඒක පුතාලට වෙන්න පුළුවන් දුලට වෙන්න පුළුවන් මේ අවස්තාව උපරිම ප්‍රයෝජනය ගන්න.ගිහාන් කිව්වා මම මේක සල්ලි වලට කරන වැඩක් නෙමෙයි මට ඕන ගමට රටට වැඩක් කරන්න.එක ඉතාම වටිනා ආදර්ශයක් මේ හැමදෙනාටම.මෙවැනි දේවල් කරන්න ඕන පෞද්ගලික අය නෙමෙයි හැබැයි ක්‍රිකට් ආයතනයෙන් සිද්දවෙන්නේ නැත්නම් මෙවැනි පුද්ගලයෝ පස් හය දෙනෙක් ආවොත් මම හිතන්නේ අපේ ක්‍රිකට් දියුණු කරන්න පුළුවන්.මේ ප්‍රදේශයේ දක්ෂ ක්‍රීඩකයෝ මේ ආයතනය හරහා බිහිවේව යැයි මම ප්‍රර්ථනා කරනවා.මේකේ වටිනාකම දේශපාලනඥයෙක් හැටියට නෙමෙයි ක්‍රීඩකයෙක් හැටියට මම දන්නවා.අපට මෙහෙම පහසුකම් තිබුනේ නැහැ.ගාමිණි දිසානායක මහත්තයට පින්සිද්දවෙන්න ක්රිකට පවුන්ඩේෂන් එකෙන් ඉන්ටෝ ඩෙට් එකක් හැදුවා.අද ලෝකේ හුගක් පරිසරය වෙනස් වෙලා ලෝකේ දියුණු වෙනකොට අපිත් පොඩ්ඩ හරි දියුණු වෙන්න ඕන. පොඩ්ඩඅපි ශ්රීලන්කිකයින් හැටියට අඩියක් ඉස්සරහට යන ගමන් ආදී දෙකක් පස්සට ගන්න බලනවා.මෙන්න මේ මානසිකත්වය වෙනස්කර්ගත්තේ නැත්නම් රටක් හැටියට විතරක් නෙමෙයි ක්‍රීඩාවක් හැටියටත් ඉදිරියට යාමේ අවස්තාව හුගක් දුරට අහිමි වෙනවා.මම අගමැති කෙනෙක් වුනත් ජනාධිපති කෙනෙක් උනත් මට ක්‍රිකට් වලට වෙලාවක් තියෙනවා.ක්‍රිකට් කියන්නේ හදවතේ තියෙන දෙයක් ලේ වල තියෙන දෙයක් මොන තැනකට ගියත් මොන රටකට ගියත් මේ රටේ ක්‍රිකට් වලට මම ඕන වෙලාවක ඉදිරිපත් වෙනවා.කිහිපදෙනෙක් කතා කරලා ඇහුව මොකටද මේ ක්‍රිකට් ඉලෙක්ෂන් එකට එන්නේ කියලා අද විනාස වෙලා තියෙන ක්‍රිකට් ගොඩගන්න ඕන ඒ හින්දයි එන්නේ කියලා කියන්නේ.මේ ක්‍රියාදාමය කරපු ගිහාන්ට මේකට සම්බන්ධ සියලු දෙනාටත්   සුභ පැතුම් පිරිනමමින් ඉදිරියේදී මාතර නියෝජනය කරන්න නෙමෙයි රට නියෝජනය කරන්නත් නෙමෙයි ලෝකය ජයග්‍රහණය කරන පිරිසක් බිහිවේවා කියමින් මම නිහඬ වෙනවා.

– තමීර මංජු
gossip lanka