මාරපන සහ මලික් අනිවාර්යයෙන්ම ඇමතිකමින් ඉවත් විය යුතුයි ! - එජාප පසුපෙළ

දිරි අයවැයට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් අනිවාර්යයෙන්ම තනතුරු වලින් ඉවත් කර කැබිනට් අමාත්‍යධුර ලැබීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරුන්ට එම අවස්ථාව ලබාදිය යුතු බව එජාප පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසයි.

ඒ අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි තිලක් මාරපන, මලික් සමරවික්‍රම වැනි අය පක්ෂයට ආදරය කරන්නේ නම් කැපකිරීමක් සිදු කරමින් අමාත්‍යධුර වලින් ඉවත් වී පාලිත රංගේ බණ්ඩාර වැනි අයට එම අවස්ථාව ලබාදිය යුතු බවයි හේෂා විතානගේ මහතා පෙන්වා දුන්නේ.

පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස තමන් හැමදෙනාම උත්සාහ කරන්නේ ලැබී ඇති අවස්ථාවෙන් රාජපක්ෂට හෝ මෛත්‍රීපාල සිරිසේනට නැවත හිස එසවීමට ඉඩ නොදී එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් ගමනක් කරා රැගෙන යාම බව ඒ මහතා අවධාරණය කළේය.