චන්ද්‍රිකාව 'ගඳ ගසන පුඩිමකට' සම කෙරූ ගම්මන්පිළට ජනතා අප්‍රසාදය !

කුමන දේශපාලන ප්‍රතිපත්තියක් දැරුවද මෙරට ලබාලතම වයසින් ජනාධිපති ධුරයට පත්වූ මෙන්ම වැඩිම කාලයක් එම ධුරයේ රැඳුනු හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගඳ ගසන පුඩිමකට සමකිරීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිළ මහතා වෙත පලකර සිටී.
ඊයේ (21) දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී මාධ්‍යවේදීන් ,චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නව දේශපාලන පක්ෂයක් ගොඩනැගිමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම‍ මේ බව සඳහන් කළේය.

“සුපිරි වෙළඳසැලකින් කල් ඉකුත් වු පූඩිමක් භාරයට ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ. චන්ද්‍රිකා මැතිණියත් කල් ඉකුත් වු පුඩිමක්.ගඳ ගහනවා.ඔජ ගලනවා,පණුවෝ පෙනේවා.එහෙම පුඩිමක් කන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් පුඩිම හිතන් ඉන්නවා තවමත් මම සුවඳ දනවන ලස්සන රස පුඩිමක් කියලා” යැයි ඔහු එහිදී පැවසීය.

මෙහිදි වැඩිදුරටත් සඳහන් කරමින් ඔහු පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි ලේඛණයක් පෙන්වමින් එතුමාම බොරු කාරයෙකු බවට පත් කරගෙන ඇති බවයි.