චන්ද්‍රිකා බාරගන්න සූදානම්.. ජනාධිපති විරුද්ද නොවුනොත් ඇමතිකමක් දෙනවා - එජාපය චන්ද්‍රිකාට කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට සූදානම් නම් ඇය බාර ගැනීමට සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.
නමුත් ඇයට ඇමතිකමක් දීම හෝ නොදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවසාන වශයෙන් තීරණය කරනු ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂයට හැකියාව ඇත්තේ ඇමති ධුරයක් නිර්දේහ කිරීම පමණක් බවත් ඒ මහතා කියයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන් ගණනාවක් ඉදිරි දිනවලදී එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.
gossip lanka